හරි අද අපි සාකච්ඡා කරන්න යන්නෙ විවාදයකදී අපි විසින් ඉටු කල යුතු වගකීම් මොනවාද යන්නයි. ඔබ අප කවුරුත් දන්නා පරිදි විවාදය සිදු කෙරෙනූයේ කටින් මිස අතින් පයින් නොවේ .එසේනම් විවාදයකදී අපි විසින් ඉටු කල යුතු පලවන වගකීම නම් විනය රැකගැනීමයි . විනය රැකගැනීම සෑම කතිකයෙක් සතුවම පවතින වගකීමකි .එසේ නම් අප විසින් ඉටු කල යුතු දෙවන වගකීම කුමක් ද ?වෙසෙසින්ම එය නායකයාට ගරු කිරීම වේ. .නායකයා ගැන කතා කරන අතර මට මතක් වන දෙයක් නම් ,අපි වෙනුවෙන් නිරතුරු වෙහෙසෙන ,අපිට වාග් කෟශල්‍ය වැඩි දියුනු කරගැනීමට බොහෝ සෙයින් උපකාර කරන දනසේකර ගුරු මහතා ය .ඔහු ගුරුවරයෙකුට වඩා අපට සමීපව කටයුතු කරන අපගේ සමීප මිතුරෙකු වැන්න .මා සැබෑ නායකයෙකු සතු භාරදූර වගකීම් ඉගෙන ගත්තෙ සැබැවින්ම ඔහුගෙන් යැයි සිතමි .තවත් පෝස්ට් එකකින් නායකයෙකු සතු යුතුකම් හා වගකීම් දීර්ඝව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි .එසේ නම් අපි නැවතත් කාරනයට බහිමු.කණ්ඩායමක් යනු එකමුතුකමේ සංකේතයකි .එය අපට මුතු පටකට උපමා කල හැකිය .මුතු පටක පැවැත්ම තීරණය වනූයේ එහි ඇති මුතුවල වල වටිනාකමත් ඒ අතර ඇති බැදීමත් කරනකොටගෙනය .එසේ නම් විවාදයකදී අපි විසින් ඉටු කල යුතු තෙවන වගකීම නම් (එය යුතුකමක් යැයි තැකුවොත් එය වඩාත් නිවැරදි යැයි සිතමි .)කණ්ඩායමේ එකමුතුකම පවත්වාගැනීමට තමාට හැකි පමනින් කටයුතු කිරීමයි .එසේ නම් අප විසින් අනුගමනය කල යුතු හතරවන වගකීම නම් සංයමයයි .මා ඒ පිලිබදව වැඩි විස්තරයක් කිරීම අනවශ්‍ය යැයි සිතමි .මන්ද යත් ඉහත සදහන් වගකීම් සියල්ල ඔබ විසින් අනුගමනය කරන්නේ නම් ඉබේම එයද ඉටුවන බැවිනි .අවධාරනය කරගන්න .මේ වගකීම් හතර ඔබගේ යහගුන පවැත්මට පමනක් නොව විවාදයකදී ඔබගේ ජයග්‍රහණයටද එය හේතු වන බැවිනි .එසේ නම් මේ වගකීම් හතර නිසි පරිදි ඉටු කරන ඔබට මාගේ සුභ පැතුම් .
*.මතක් කරලා ඔයාගෙ අදහස මෙහි ලියන්න අමතක කරන්න එපා .
!!!!!!!!!!!!!!!!!!!!!!!!දීර්ඝායු වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!
*.මතක් කරලා ඔයාගෙ අදහස මෙහි ලියන්න අමතක කරන්න එපා .
!!!!!!!!!!!!!!!!!!!!!!!!දීර්ඝායු වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!
Comments
Post a Comment