හරි අද අපි සාකච්ඡා කරන්න යන්නෙ විවාදයකදී අපි විසින් ඉටු කල යුතු වගකීම් මොනවාද යන්නයි. ඔබ අප කවුරුත් දන්නා පරිදි විවාදය සිදු කෙරෙනූයේ කටින් මිස අතින් පයින් නොවේ .එසේනම් විවාදයකදී අපි විසින් ඉටු කල යුතු පලවන වගකීම නම් විනය රැකගැනීමයි . විනය රැකගැනීම සෑම කතිකයෙක් සතුවම පවතින වගකීමකි .එසේ නම් අප විසින් ඉටු කල යුතු දෙවන වගකීම කුමක් ද ?වෙසෙසින්ම එය නායකයාට ගරු කිරීම වේ. .නායකයා ගැන කතා කරන අතර මට මතක් වන දෙයක් නම් ,අපි වෙනුවෙන් නිරතුරු වෙහෙසෙන ,අපිට වාග් කෟශල්‍ය වැඩි දියුනු කරගැනීමට බොහෝ සෙයින් උපකාර කරන දනසේකර ගුරු මහතා ය .ඔහු ගුරුවරයෙකුට වඩා අපට සමීපව කටයුතු කරන අපගේ සමීප මිතුරෙකු වැන්න .මා සැබෑ නායකයෙකු සතු භාරදූර වගකීම් ඉගෙන ගත්තෙ සැබැවින්ම ඔහුගෙන් යැයි සිතමි .තවත් පෝස්ට් එකකින් නායකයෙකු සතු යුතුකම් හා වගකීම් දීර්ඝව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි .එසේ නම් අපි නැවතත් කාරනයට බහිමු.කණ්ඩායමක් යනු එකමුතුකමේ සංකේතයකි .එය අපට මුතු පටකට උපමා කල හැකිය .මුතු පටක පැවැත්ම තීරණය වනූයේ එහි ඇති මුතුවල වල වටිනාකම...