Skip to main content

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවැත්වීම සුදුසු වේ /නොවේ

පාසලේ  නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වීම  සුදුසුයි.


මාතෘකාව  හැදින්වීම .

පාසල - සිසුන්ට දැනුම ,ආකල්ප,කුසලතා සංවර්ධනය කරන ආයතනයකි.

නිවාසාන්තර  ක්‍රීඩා උත්සව - සිසුන්ගේ  ක්‍රීඩා කුසලතා  මනින පාසල මගින් සංවිධානය කරන උත්සවයක් 

ඇයි  නිවාසාන්තර ක්‍රීඩා උත්සව සුදුසු  වෙන්නෙ ?

*. සිසුන්ගේ  ක්‍රීඩා කුසලතා වලට අගයක් එහෙමත් නැත්නම් වටිනාකමක් ලබා දීලා සිසුන්ව ඉහලට ඔසවා තැබීමේ පලමු පියවර වෙන්නෙ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙන් .

*.සිසුන්ගෙ  කුසලතා අගය කරල සිසුන්ව දිරිමත් කරලා අනාගතයේ  තරඟකාරීත්වයට  හා අභියෝග වලට සිසුන් ව සූදානම් කරන්නෙ පාසලේ පවත්වන මේ  නිවාසාන්තර  ක්‍රීඩා උත්සවයෙන් .

*.ඒ වගේම දරුවන්ට තම දක්ෂතා වඩවා  ගන්නත්  මෙයින් රුකුලක් වෙනවා .

*.අනාගතය බාර ගන්න  ඉන්න දරුවන්ට  ජය පරාජය දෙකම එක සමාන ලෙස විඳ  දරා ගන්න මෙයින් හුරු කරනවා .
_________________________________________________

පාසල්  නිවාසාන්තර  ක්‍රීඩා  උත්සව  පවැත්වීම  නුසුදුසුයි .


*.දරුවාගෙ ක්‍රීඩා කුසලතා මෙවැනි ක්‍රීඩා උත්සවයකින් මනින්න බෑ .එක එක සිසුවා එක එක ක්‍රීඩාවලට දක්ෂයි .උදාහරනයක් විදිහට කබඩි ක්‍රීඩාව  ගන්න .අද කාලෙ කිසිම පාසලක මෙවැනි  ක්‍රීඩාවකට තැනක් දීලා නෑ .නමුත් මෙවැනි ක්‍රීඩා වලට දක්ෂයින්  ඕන තරම් ඉන්නවා .

*.මෙවැනි දෙයකින් සිසුන්ව මනින්න ගියාම ඔවුන්  මානසිකව  වැටෙනවා .

*.විශේෂයෙන්  ලංකාවෙ  බොහෝ  පාසල් වල මෙවැනි  නිවාසාන්තර  ක්‍රීඩා  උත්සවයක්  පවත්වන්න අඩුම තරමින්  ක්‍රීඩා භාණ්ඩ වත්  නෑ .ඉතින්  ලමයින්  මානසිකව  වැටෙනවා .

*.නිවාසවලට  බෙදලා  ලමයින්  අතර  තරඟකාරීත්වය ඇති කරන නිසා ලමයින් අතර භේද ඇති වෙනවා .මේ නිසා බොහෝ අවස්තාවන්හි සිසුන් තුල එකිනෙකා කෙරෙහි වෛර  හටගන්නවා .

_________________________________________________

මතක  ඇතුවම  මේ බ්ලොග්  එක ගැන  ඔයගොල්ලන්ගේ  අදහස  කමෙන්ට්  කරන්න.ඒවා මේ බ්ලොග් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙයි .

විවාදාත්මක  කරුණු  සමගින්  ඊලග පොස්ට් එකෙන් හමුවෙමු .

!!!!!!!!!!!!!!!!!!!!!!!!!දීර්ඝායු වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!! 

Comments

  1. තොරතුරු/ කරුණු හදන එක හොඳයි. මේවට තර්ක ⁣එහෙමත් දාලා, වෙන තොරතුරුත් දෙනවා නම් තවත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඔබතුමාට .මම ඊලග පොස්ට් එකෙ සිට මේ අදහස අනිවාරෙන් ක්‍රියාත්මක කරනවා .

      Delete

Post a Comment

Popular posts from this blog

විවාදයක් යනු කුමක්ද ?

විවාදයක්  යනු නිවසක් තැනීමක්  වැනි දෙයකි  ඇත්ත වශයෙන්ම විවාදයක් යනු නිවසක් තැනීමක් වැනි දෙයකි .පලමුවන කතිකයාගෙ  සිට හතරවන කතිකයා දක්වා සිදුවන්නෙ තම ප්‍රස්තුථය සනාථ කිරීම සදහා සටන් වැදීමකි .නමුත් මේ සටනේ සමහර අවස්තාවන්හි එක් කතිකයෙකුට කල හැකි දෙයක් තවකෙකුට කල නොහැකිය .උදාහරණයක් ලෙස පලවන කතිකයා සහ  හතරවන කතිකයා ගන්න .පලවන කතිකයාගෙ කාර්ය වනූයෙ මාතෘකාව හදුන්වා දී කරුනු ලබා දීමයි .නමුත් හතරවන කතිකයාට කරුනු ලබාදිය හැකිද ?නොහැකිය .ඔහුට අවැසි කාර්ය වනූයෙ ප්‍රතිපිලේ කරුනු  බිඳීමයි .එසේනම් අප විවාදයක් කිරීමට පෙර මේ සියල්ලෙන් දැනුවත් විය යුතු වේ .එසේනම්  ඔබට බොහෝ සෙයින් ප්‍ර6යෝජනවත් විය හැකි එක් එක් කතිකයාට අදාල කාර්ය පහතින් දක්වා ඇත .ඔබට විවාදයක පෙර සූදානමට අවැසි දේ පමනි මා සදහන් කලේ .විවිද මාතෘකා ඔස්සෙ රැගත් විවාදාත්මක කරුනුත් සමඟින් ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙමු .   1. මාතෘකාව හඳුන්වා පදනම පැහැදිලි කිරීම.  2. පදනමට අදාළ කරැණු/ වාර්තා ඉදිරිපත් කරමින් තර්ක ගොඩනැගීම. 3. තර්ක සම්පූර්ණ කර සනාථ කිරීම, ප්‍රතිවාදී පිලේ කරැණු බිඳීම ඇරඹීම. 4. ප්‍රතිවාද...

ඔන්න එහෙනම් මම සැපත් වුනෙමි .

ඔක්කොටම ඉස්සර  වෙලා මම නමෝ විත්තියෙන් මගෙ මංගල බ්ලොග් එක පටන් ගන්නම් .ඇත්තටම කිව්වොත් මේ බ්ලොග් එක මම පටන් ගත්තෙ 2017.08.21 වෙනිදා වයිබර් එකෙන් ආපු  එක මැසේජ් එකක් නිසා .ඒ වටිනා අදහස මට ලබා දුන්නෙ ඔයගොල්ලො කවුරුත් හොදින්ම දන්න හදුනන https://angaharuwa.blogspot.com එකේ අඟහරු තුමා .හරි ඕං එහෙං මෙහෙං ගියාට මේකෙ අරමුණ මම කිව්වෙ නෑනෙ .මම මේක හැදුවෙ මම වගෙ අයට (ආ........මට කියන්න බෑ උනානෙ මම පාසල් විවාද කණ්ඩායමේ විවාදකයෙක් .)මම වගෙ අයට කියලා කිව්වෙ කතික එහෙමත් නැත්නම් විවාද කරන කට්ටියට .මගේ මේ උත්සහායෙ අරමුන තමයි විවාදකයන්ට එහෙමත් නැත්නම් කතික කරන කට්ටියට කරුනු සෙවීමේදී ඇතිවෙන අපහසුතා මඟහැරවීමට උදවු කිරීම .හරි නයි ඇද්දා හොදටෝම ඇති මගෙ ඊලග පෝස්ට් එකේ ඉදල මම විවිධ ටොපික්ස් යටතෙ ඔයගොල්ලන්ට විවාදාත්මක කරුනු අරගෙන එනවා .හෝ හෝ මට වැරදුනා මම විතරක් නෙවෙ අඟහරුතුමාත් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නෙ .මේ බ්ලොග් එක ඔයාල වෙනුවෙන්මයි .එහෙනම් ලබන පෝස්ට් එකෙන් හමුවෙමු .දීර්ඝායු වේවා .