පාසලේ නිවාසාන්තර ක්රීඩා උත්සව පැවැත්වීම සුදුසුයි.
මාතෘකාව හැදින්වීම .
පාසල - සිසුන්ට දැනුම ,ආකල්ප,කුසලතා සංවර්ධනය කරන ආයතනයකි.
නිවාසාන්තර ක්රීඩා උත්සව - සිසුන්ගේ ක්රීඩා කුසලතා මනින පාසල මගින් සංවිධානය කරන උත්සවයක්
ඇයි නිවාසාන්තර ක්රීඩා උත්සව සුදුසු වෙන්නෙ ?
*. සිසුන්ගේ ක්රීඩා කුසලතා වලට අගයක් එහෙමත් නැත්නම් වටිනාකමක් ලබා දීලා සිසුන්ව ඉහලට ඔසවා තැබීමේ පලමු පියවර වෙන්නෙ පාසල් නිවාසාන්තර ක්රීඩා උත්සවයෙන් .
*.සිසුන්ගෙ කුසලතා අගය කරල සිසුන්ව දිරිමත් කරලා අනාගතයේ තරඟකාරීත්වයට හා අභියෝග වලට සිසුන් ව සූදානම් කරන්නෙ පාසලේ පවත්වන මේ නිවාසාන්තර ක්රීඩා උත්සවයෙන් .
*.ඒ වගේම දරුවන්ට තම දක්ෂතා වඩවා ගන්නත් මෙයින් රුකුලක් වෙනවා .
*.අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට ජය පරාජය දෙකම එක සමාන ලෙස විඳ දරා ගන්න මෙයින් හුරු කරනවා .
_________________________________________________
පාසල් නිවාසාන්තර ක්රීඩා උත්සව පවැත්වීම නුසුදුසුයි .
*.දරුවාගෙ ක්රීඩා කුසලතා මෙවැනි ක්රීඩා උත්සවයකින් මනින්න බෑ .එක එක සිසුවා එක එක ක්රීඩාවලට දක්ෂයි .උදාහරනයක් විදිහට කබඩි ක්රීඩාව ගන්න .අද කාලෙ කිසිම පාසලක මෙවැනි ක්රීඩාවකට තැනක් දීලා නෑ .නමුත් මෙවැනි ක්රීඩා වලට දක්ෂයින් ඕන තරම් ඉන්නවා .
*.මෙවැනි දෙයකින් සිසුන්ව මනින්න ගියාම ඔවුන් මානසිකව වැටෙනවා .
*.විශේෂයෙන් ලංකාවෙ බොහෝ පාසල් වල මෙවැනි නිවාසාන්තර ක්රීඩා උත්සවයක් පවත්වන්න අඩුම තරමින් ක්රීඩා භාණ්ඩ වත් නෑ .ඉතින් ලමයින් මානසිකව වැටෙනවා .
*.නිවාසවලට බෙදලා ලමයින් අතර තරඟකාරීත්වය ඇති කරන නිසා ලමයින් අතර භේද ඇති වෙනවා .මේ නිසා බොහෝ අවස්තාවන්හි සිසුන් තුල එකිනෙකා කෙරෙහි වෛර හටගන්නවා .
_________________________________________________
මතක ඇතුවම මේ බ්ලොග් එක ගැන ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරන්න.ඒවා මේ බ්ලොග් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙයි .
විවාදාත්මක කරුණු සමගින් ඊලග පොස්ට් එකෙන් හමුවෙමු .
!!!!!!!!!!!!!!!!!!!!!!!!!දීර්ඝායු වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!
තොරතුරු/ කරුණු හදන එක හොඳයි. මේවට තර්ක එහෙමත් දාලා, වෙන තොරතුරුත් දෙනවා නම් තවත් හොඳයි..
ReplyDeleteතෑන්ක් යූ ඔබතුමාට .මම ඊලග පොස්ට් එකෙ සිට මේ අදහස අනිවාරෙන් ක්රියාත්මක කරනවා .
Delete