Skip to main content

ඔන්න එහෙනම් මම සැපත් වුනෙමි .

ඔක්කොටම ඉස්සර  වෙලා මම නමෝ විත්තියෙන් මගෙ මංගල බ්ලොග් එක පටන් ගන්නම් .ඇත්තටම කිව්වොත් මේ බ්ලොග් එක මම පටන් ගත්තෙ 2017.08.21 වෙනිදා වයිබර් එකෙන් ආපු  එක මැසේජ් එකක් නිසා .ඒ වටිනා අදහස මට ලබා දුන්නෙ ඔයගොල්ලො කවුරුත් හොදින්ම දන්න හදුනනhttps://angaharuwa.blogspot.comඑකේ අඟහරු තුමා .හරි ඕං එහෙං මෙහෙං ගියාට මේකෙ අරමුණ මම කිව්වෙ නෑනෙ .මම මේක හැදුවෙ මම වගෙ අයට (ආ........මට කියන්න බෑ උනානෙ මම පාසල් විවාද කණ්ඩායමේ විවාදකයෙක් .)මම වගෙ අයට කියලා කිව්වෙ කතික එහෙමත් නැත්නම් විවාද කරන කට්ටියට .මගේ මේ උත්සහායෙ අරමුන තමයි විවාදකයන්ට එහෙමත් නැත්නම් කතික කරන කට්ටියට කරුනු සෙවීමේදී ඇතිවෙන අපහසුතා මඟහැරවීමට උදවු කිරීම .හරි නයි ඇද්දා හොදටෝම ඇති මගෙ ඊලග පෝස්ට් එකේ ඉදල මම විවිධ ටොපික්ස් යටතෙ ඔයගොල්ලන්ට විවාදාත්මක කරුනු අරගෙන එනවා .හෝ හෝ මට වැරදුනා මම විතරක් නෙවෙ අඟහරුතුමාත් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නෙ .මේ බ්ලොග් එක ඔයාල වෙනුවෙන්මයි .එහෙනම් ලබන පෝස්ට් එකෙන් හමුවෙමු .දීර්ඝායු වේවා .

Comments

  1. ඔන්න පළමුවෙනි කොමෙන්ටුව මගෙන්. බොහොම හොඳයි මේ වැඩේ. හොඳට කරගෙන යන්න. අපිත් හැකි උදව්වක් දෙන්නම්.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ .තෑන්ක් යූ ඔබ තුමාටත් ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!

      Delete
  2. සුභ පැතුම්. දිගු ගමනක් සයිබරයේ යාමට ලැබේවා
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
  3. තෑන්ක් යූ සුදු පූසෝ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවැත්වීම සුදුසු වේ /නොවේ

පාසලේ  නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වීම  සුදුසුයි. මාතෘකාව  හැදින්වීම . පාසල - සිසුන්ට දැනුම ,ආකල්ප,කුසලතා සංවර්ධනය කරන ආයතනයකි. නිවාසාන්තර  ක්‍රීඩා උත්සව - සිසුන්ගේ  ක්‍රීඩා කුසලතා  මනින පාසල මගින් සංවිධානය කරන උත්සවයක්  ඇයි  නිවාසාන්තර ක්‍රීඩා උත්සව සුදුසු  වෙන්නෙ ? *. සිසුන්ගේ  ක්‍රීඩා කුසලතා වලට අගයක් එහෙමත් නැත්නම් වටිනාකමක් ලබා දීලා සිසුන්ව ඉහලට ඔසවා තැබීමේ පලමු පියවර වෙන්නෙ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙන් . *.සිසුන්ගෙ  කුසලතා අගය කරල සිසුන්ව දිරිමත් කරලා අනාගතයේ  තරඟකාරීත්වයට  හා අභියෝග වලට සිසුන් ව සූදානම් කරන්නෙ පාසලේ පවත්වන මේ  නිවාසාන්තර  ක්‍රීඩා උත්සවයෙන් . *.ඒ වගේම දරුවන්ට තම දක්ෂතා වඩවා  ගන්නත්  මෙයින් රුකුලක් වෙනවා . *.අනාගතය බාර ගන්න  ඉන්න දරුවන්ට  ජය පරාජය දෙකම එක සමාන ලෙස විඳ  දරා ගන්න මෙයින් හුරු කරනවා . _________________________________________________ පාසල්  නිවාසාන්තර  ක්‍රීඩා  උත්සව  පවැත්වීම  නුසුදු...

විවාදයක් යනු කුමක්ද ?

විවාදයක්  යනු නිවසක් තැනීමක්  වැනි දෙයකි  ඇත්ත වශයෙන්ම විවාදයක් යනු නිවසක් තැනීමක් වැනි දෙයකි .පලමුවන කතිකයාගෙ  සිට හතරවන කතිකයා දක්වා සිදුවන්නෙ තම ප්‍රස්තුථය සනාථ කිරීම සදහා සටන් වැදීමකි .නමුත් මේ සටනේ සමහර අවස්තාවන්හි එක් කතිකයෙකුට කල හැකි දෙයක් තවකෙකුට කල නොහැකිය .උදාහරණයක් ලෙස පලවන කතිකයා සහ  හතරවන කතිකයා ගන්න .පලවන කතිකයාගෙ කාර්ය වනූයෙ මාතෘකාව හදුන්වා දී කරුනු ලබා දීමයි .නමුත් හතරවන කතිකයාට කරුනු ලබාදිය හැකිද ?නොහැකිය .ඔහුට අවැසි කාර්ය වනූයෙ ප්‍රතිපිලේ කරුනු  බිඳීමයි .එසේනම් අප විවාදයක් කිරීමට පෙර මේ සියල්ලෙන් දැනුවත් විය යුතු වේ .එසේනම්  ඔබට බොහෝ සෙයින් ප්‍ර6යෝජනවත් විය හැකි එක් එක් කතිකයාට අදාල කාර්ය පහතින් දක්වා ඇත .ඔබට විවාදයක පෙර සූදානමට අවැසි දේ පමනි මා සදහන් කලේ .විවිද මාතෘකා ඔස්සෙ රැගත් විවාදාත්මක කරුනුත් සමඟින් ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙමු .   1. මාතෘකාව හඳුන්වා පදනම පැහැදිලි කිරීම.  2. පදනමට අදාළ කරැණු/ වාර්තා ඉදිරිපත් කරමින් තර්ක ගොඩනැගීම. 3. තර්ක සම්පූර්ණ කර සනාථ කිරීම, ප්‍රතිවාදී පිලේ කරැණු බිඳීම ඇරඹීම. 4. ප්‍රතිවාද...